FAST NEWS

24×7 Around the Globe

ඇඳිරි නීති කඩා පොලිස් භාරයට ගත් ගණන 12,000 ඉක්මවයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මාර්තු 20 වන සිකුරාදා සිට මේ දක්වා කාළය තුල ඇදිරි නීතිය කඩ කිරීම සම්බන්ධයෙන් පොලිස් භාරයට ගත් පුද්ගලයන්ගේ සංඛ්‍යාව 12223 දක්වා ඉහළ ගොස් තිබේ.

ඇදිරි නීතිය කඩ කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් 1493 දෙනෙකු සහ වාහන 360 ක් ගතවූ පැය 24 තුළදී පොලිස් භාරයට ගෙන තිබේ.

අද පෙරවරු 6 න් අවසන්වූ පැය 24 ක කාලය තුළ මෙම අත්අඩංගුවට ගැනීම් සිදුකර ඇති බවයි පොලිස් නිවේදනයේ සඳහන් වේ.