FAST NEWS

24×7 Around the Globe

විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා කඩඉම් ලකුණු නිකුත් කිරීම අද.

2014 – 2015 අධ්‍යයන යන වර්ෂයට අදාළව විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා කඩඉම් ලකුණු අද දිනයේ නිකුත් කරන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.

2014 වසරේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මත එම කඩඉම් ලකුණු නිකුත් කරන බව එම කොමිෂන් සභාව සඳහන් කරයි.

එසේම හෙට සිට www.ugc.ac.lk වෙබ් අඩවියට පිවසීමෙන් හෝ රාජ්‍ය තොරතුරු කේන්ද්‍රයේ 1919 ඇමතීමෙන් කඩඉම් ලකුණු ලබාගත හැකි බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව නිවේදනය කරයි.

ugc හිස්තැනක් විභාග අංකය ඇතුළත් කර රාජ්‍ය තොරතුරු කේන්ද්‍ර යේ 1919 අංකයට කෙටි පණිවිඩයක් යොමුකිරීමෙන් ද විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා වන කඩඉම් ලකුණු දැනගැනීමට හැකියාව ඇත.