FAST NEWS

24×7 Around the Globe

කොරෝනා අවධානම නිසා ග‍්‍රෑන්ඩ්පාස් ඩිවොස් පටුමගත් වසයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොළඹ ග‍්‍රෑන්ඩ්පාස් ඩිවොස් පටුමග වසා දැමීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබේ.

ඊට හේතුව වී ඇත්තේ මරදාන ප‍්‍රදේශයෙන් හමුවූ පසුව මියගිය කොරෝනා ආසාදිතයා සමග සබඳතා පැවැත්වූ පුද්ගලයෙකු හදුනා ගැනීමය.

එම පුද්ගලයා කොළඹ මහ නගර සභාවේ නාගරික මන්තී‍්‍රවරයෙකු බව ද අනාවරණ වී ඇත.

මියගිය කොරෝනා ආසාදිතයා රෝහල්ගත කර ඇත්තේ ද අදාළ නාගරික මන්තී‍්‍රවරයා විසින් බව වාර්තා වේ.

වසා දමා ඇති ඩිවොස් පටුමගේ පවුල් 200 ක් පමණ ජීවත් වන අතර එම පිරිසෙන් කිසිවෙකුටත් ඩිවෝස් පටුමගෙන් පිටතට පැමිනීමට හෝ වෙනත් ප‍්‍රදේශවලින් එම පටුමගට ඇතුළුවීම ද සෞඛ්‍ය අංශ විසින් තහනම් කර ඇත.