FAST NEWS

24×7 Around the Globe

බොරැල්ලේ දී පුද්ගලයෙකුව කපාකොටා ඝාතනය කරයි.

බොරැල්ල කිතුල්වත්ත ගොල්ෆ් ක‍්‍රීඩාංගනයේ ප‍්‍රධාන ගේට්ටුව අසල තිබී පුද්ගල මලසිරුරක් අද (05) උදෑසන හමු වී ඇත.

පොලිසිය සඳහන් කර සිටියේ 119 හදිසි ඇමතුම් අංශයට ලැබුණු තොරතුරක් අනුව ඒ පිළිබඳ විමර්ශන ආරම්භ කීරිමට කටයුතු කල බවය.

මෙලෙස මිය ගොස් ඇත්තේ කිතුල්වත්ත ගොල්ෆ් ක‍්‍රීඩාංගනයේම සේවය කල එම ප‍්‍රදේශයේම පදිංචි කම්කරුවෙකු බව මේ වන විට හදුනා ගෙන ඇත.

කිසියම් අයෙකු හෝ කණ්ඩායමක් විසින් තියුණු ආයුධයකින් පහර දී මෙම පුද්ගලයාව ඝාතනය කර ඇති බව පොලිසිය සැක කරති.