FAST NEWS

24×7 Around the Globe

බහු දින ධීවර යාත්‍රා සඳහා නිරෝධායන සහතිකය අනිවාර්ය කරයි

(ෆාස්ට් නිව්ස් | පුත්තලම) –  ධීවර කටයුතු සඳහා පිටත් වීමට වෙනත් දිස්ත්‍රිත්කවල ධීවර වරායන් බහු දින ධීවර යාත්‍රා භාවිතා කරන්නේ නම්, එම ධීවරයින් සතුව පදිංචි ප්‍රදේශයේ මහජන සොඛ්‍ය නිළධාරියා විසින් නිකුත් කළ නිරෝධායන සහතිකය අනිවාර්යෙන් තිබිය යුතු බව ධීවර නියෝජ්‍ය අධ්‍යක්ෂ අනුර ජයසේකර මහතා එම ජනතාවට දැනුම් දෙයි.   

පුත්තලම දිස්ත්‍රික්කයේ බහු දින යාත්‍රා 650 ක් පමණ වන අතර , එම දිස්ත්‍රික්කයේ බහු දින යාත්‍රා මෙහෙයුම් සදහා පිටත්වීමට ත්‍රිකුණාමළය, මීගමුව සහ දික්ඕවිට ධීවර වරායන් භාවිතා කරන ලෙස ඒ මහතා වැඩිදුරටත් පවසයි.

එක් යාත්‍රාවක ධීවරයෝ පස් දෙනාගේ පටන් හත දක්වා ධීවර කටයුතුවල නිරත වෙයි.