සේයා සඳෙව්මි ඝාතනයේ සැකපිට අත්අඩංගුවට ගෙන ඇති කොන්ඩයාගේ සහෝදරයා වන සමන් ජයලත් මිණුවන්ගොඩ මහේස්ත්‍රාත් රුවන් පතිරණ මහතාගේ නිළ කාමරයේදී පැය 2ක ප්‍රකාශයක් ලබා දුන්නේය.
ඉන් අනතුරුව ඔහු විවෘත අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු, ඔහු සම්බන්ධයෙන් D.N.A. පරීක්ෂණයක් සිදුකිරීමට අවශ්‍ය බව රහස් පොලීසිය විනිසුරුවරයා හමුවේ කියා සිටියේය.
ඒ අනූව D.N.A. පරීක්ෂණයක් සිදුකිරීමට හෙට (06) බොරුල්ලේ ජින්ටෙක් ආයතනය වෙත ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා දැනුම් දුන්නේය.
සැකකරුවන් බන්ධනාගාරයේ දී වෙන් වෙන්ව තබන ලෙස රහස් පොලීසිය ඉල්ලා සිටි අතර ඔවුන් ලබන 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට විනිසුරුවරයා නියෝග කළේය.
————————————— (update)
සේයා ඝාතනය කළේ තමන් බව දුනේෂ් ප්‍රියශාත්තගේ සොහොයුරා පිළිගනියි. (update)
සේයා සදෙව්මි දැරිය ඝාතනය කළේ, තමන් බව සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින කොණ්ඩයා හෙවත් දුනේෂ් ප්‍රියශාත්ත ගේ වැඩිමහළු සොහොයුරා පිළිගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද අධිකරණයට දැනුම් දී තිබේ.
ඒ, සේයා ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එම සොහොයුරන් දෙදෙනා අද මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී ය.
————————————— (update)
සේයා දැරිය ඝාතනය පිළබඳ පොලිස් පරික්ෂණ අර්බුදයකට පත්වේ.
කොටදෙණියාව සේයා දැරිය ඝාතනය කළ අපරාධකාරයා මේ වනතුරුත් නිවැරැදිව හඳුනා ගැනීමට නොහැකිවීම නිසා මේ සම්බන්ධයෙන් කෙරෙන පරීක්‍ෂණ කටයුතු අර්බුදකාරී තත්ත්වයකට පත්ව ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි.
සේයා ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කොණ්‌ඩයා නමැති සැකකරුගේ සොහොයුරාගෙන් ද පැය හැත්තෑදෙකක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් පෙරේදා (03 වැනිදා) අවසර ලබාගත්තේය.
මෙම සාහසික ඝාතනය කොණ්‌ඩයා විසින් කළ බවට ඔප්පු කරගත හැකි සාක්‍ෂි කිසිවක් මේ වනතුරු හමු නොවීම මෙම අර්බුදකාරී තත්ත්වයට හේතු වී තිබෙන බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
සේයා දියණිය ඝාතනය කරනු ලැබුවේ තම සොහොයුරා වන කොණ්‌ඩයා විසින් බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පාපොච්චාරණයක් කරනු ලැබුවේ රැඳවුම් නියෝග ලබාගෙන සිටින සොහොයුරා විසිනි.
පොලිසිය කොණ්‌ඩයා අත්අඩංගුවට ගනු ලැබුවේ මේ තොරතුරු පදනම් කරගෙනය. එහෙත් කොණ්‌ඩයාගේ සොහොයුරාගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරගෙන යද්දී ඔහු ලබා දී තිබූ ඇතැම් තොරතුරු ගැටලු සහගත බව රහස් පොලිසියට වැටහී තිබේ.
දැරිය ඝාතනයට මොහුගේද යම් සම්බන්ධතාවක් තිබෙන බවට සැකයක් මතුවී ඇත. ඔහු තම සොහොයුරා වන කොණ්‌ඩයා පාවා දී පොලිසියෙන් ගැලවීමට උත්සාහ කළේද යන්න ගැන ද සැකය මතුවී තිබේ.
කොණ්‌ඩයාගේ සොහොයුරු ද කාන්තාවන් ඇසුරට මෙන්ම විකෘති ලිංගික ක්‍රියාවන්ට දැඩි ඇල්මක් දක්‌වන පුද්ගලයකු බව හෙළි වී තිබේ. විවිධ අපරාධ සම්බන්ධයෙන් මොහුද වසර හයකට ආසන්න කාලයක් බන්ධනාගාරගතව සිටි අයෙකි.
සොහොයුරා සහ කොණ්‌ඩයා බෙම්මුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත් ඔවුන් දෙදෙනා කොටදෙණියාවේ සොහොයුරියගේ නිවසට නිතර ආ ගිය දෙදෙනෙක් බවත් හෙළි වී තිබේ.
කොණ්‌ඩයාගේ සොහොයුරා 36 හැවිරිදි වියේ පසුවෙයි. ඔහු මුලින් විවාහ වී සිටි කාන්තාව මේ වන විට විදේශගත වී ඇති බවත් ඉන්පසු විවාහ වූ කාන්තාව ද මොහු අතහැර වෙනම ජීවත්වන බවත් හෙළි වී තිබේ.
දෙවැනි විවාහයේ දියණියක් මේ වන විට විවාහ වී ඇති බවත් බාල දරුවා බිරිඳ සමඟ වෙනම ජීවත්වන බවත් හෙළිකරගෙන ඇති පොලිසිය අත්අඩංගුවට ගන්නා විට මොහු ලිහිනියාගම ගඩොල් පෝරණුවක වැඩ කරමින් සිට ඇති බව ද හෙළි වී ඇත.
කොණ්‌ඩයා විසින් සේයා සදෙව්මි දැරිය ඝාතනය කළ බවට පාපොච්චාරණයක් පසුගිය දිනවල මාධ්‍යයට කර තිබුණේ මෙම සොහොයුරා විසින් කොණ්‌ඩයා තමාට කී බවට පොලිසියට කළ ප්‍රකාශ පදනම් කරගෙනය. එම අපරාධය සැකකාර සොහොයුරා එම අන්දමට සිදුකර කොණ්‌ඩයා පිට පැටවීමට උත්සාහ දරන බවට බරපතළ සැකයක් ඊයේ (04 වැනිදා) වන විට මතුවී තිබිණි.
රහස් පොලිසිය භාරයේ සිටින සැකකාර සොහොයුරා අද (05 වැනිදා) ඩී. එන්. ඒ. (ජාන පරීක්‍ෂණයකට) යොමුකර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. රහස් පොලිසිය මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදුකරයි.







