FAST NEWS

24×7 Around the Globe

විශ්‍රාම වැටුප් ලබා ගැනීමට නොහැකි වන්නන්ට තවත් දිනයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඇඳිරි නීතිය බලපැවැත්වුණද විශ්‍රාමිකයින් සඳහා විශ්‍රාම වැටුප් ලබාදීම සහ අත්‍යවශ්‍ය සේවා සැපයීම අදත් (03) සිදු කරයි.

අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේ අද දිනයේද විශ්‍රාම වැටුප් ලබා ගැනීමට නොහැකි වන්නන්ට අප්‍රේල් 06 වන සඳුදා ඒ සඳහා වෙන්කර ඇති බවයි.

තවද ඔවුන් වෙනුවෙන් අදත් ඖෂධසැල් විවෘත කර තබන ලෙසට රජය උපදෙස් දී තිබේ.