FAST NEWS

24×7 Around the Globe

එක් ෆාමසීයකින් පමණක් ඖෂධ ඇණවුම් කරන්නැයි උපදෙස්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඇතැම් පාරිභෝගිකයින් දුරකථන සන්නිවේදන ක්‍රම ඔස්සේ ඖෂධ ඇණවුම් කිරිමේ ක්‍රමවේදයේදි ෆාමසී කිපයකට ඇණවුම් යොමු කිරිමෙන් ගැටළු මතුවි ඇති බව සමස්ත ලංකා ඔසුසැල් හිමියන්ගේ සංගමය පවසයි.

එලෙස ඔසුසැල් කිපයකට ඔසු වට්ටෝරු යොමු කර පළමුව නිවෙසට ලැබෙන ඔසු මිලදි ගන්නා පාරිභෝගිකයින් පසුව අනෙක් ෆාමසී වලින් ගෙනෙන ඔසු භාර නොගන්නා බවට දිවයින පුරා ඔසුසැල් හිමියන් දැනුම් දී ඇති බව එහි සභාපති චන්දික ගන්කන්ද මහතා පැවසුවේය.

ඔසුසැල් හිමියන්ගේ සංගමයේ සභාපතිවරයා පැවසුවේ දිනකට එක් ඔසුසැලකට බෙහෙත් වට්ටෝරු තුන් සියයකට අධික සංඛ්‍යාවක් ලැබෙන බැව්න් දුෂ්කරතා මැද වට්ටෝරු සුදානම් කර නිවෙස් වලට යැවිමෙන් පසු බාර නොගැනිම ගැටළු සහගත බවයි.

මේ නිසා එක් ෆාමසීයකට පමණක් දුරකථන සන්නිවේදන ක්‍රම ඔස්සේ ඇණවුම් ලබාදෙන ලෙස ඔහු පාරිභෝගිකයින් ගෙන් ඉල්ලීමක් කළේය.