FAST NEWS

24×7 Around the Globe

අසත්‍ය පුවත්පත් වාර්තා නතර කරන්නැයි අගමැතිගෙන් ඉල්ලීමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොරෝනා වෛරසය ළිබඳව පළවන අසත්‍ය පුවත්පත් වාර්තා නතර කිරීමට කටයුතු කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, උතුරේ දේශපාලනඥයන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

ඔහු මේ බව සඳහන් කර සිටියේ ඊයේ (02) අරලියගහ මන්දිරයේ පැවති සර්ව පාක්ෂික හමුවට සහභාගී වෙමින්.

කොරෝනා වෛරසය ව්‍යාප්තිය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා රැස්වූ එම හමුවට පක්ෂ නායකයින් රැසක් එක්ව සිටියේය.