FAST NEWS

24×7 Around the Globe

ඇඳිරි නීතිය කඩ කරමින් ධාවනය කළ මෝටර් රථයට පොලිසියෙන් වෙඩි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඇඳිරි නීතිය නොතකා ධාවනය වූ මෝටර් රථයකට මොරටුව එගොඩඋයන පොලිස් මාර්ග බාධකයේදී පොලිසිය වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇත.  

වෙඩි ප්‍රහාරයෙන් 3 දෙනෙකු තුවාල ලබා ඇති අතර , රථයේ ගමන් කල 4 දෙනාම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මොරටුව – එගොඩඋයන – මෝදර අලුත්පාලම අසළ දිස්ත්‍රික් මායිම් මාර්ග බාධකයේදී ඇඳිරි නීතිය උල්ලංගණය කරමින් ඊයේ රාත්‍රී 10.20ට පමණ මෙම රථය ධාවනය කර ඇත.