FAST NEWS

24×7 Around the Globe

තැපෑලෙන් ඖෂධ පාර්සල් 11,765 ක් බෙදා හැර අවසන්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දිවයින පුරා ඖෂධ නිවෙස් වෙත බෙදා හැරීමේ වැඩපිළිවෙල යටතේ ඖෂධ පාර්සල් 11,765 ක් බෙදා හැර අවසන් කළ බව තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

රජයේ විශ්‍රාමිකයින්ට අවශ්‍ය ඖෂධ මිලදී ගැනීම සඳහා මෙම දින තුන ඖෂධ අලෙවිසැල් විවෘත කිරීමට රජය ගත් තීරණයට අනුව දිවයිනේ බොහෝ ප්‍රදේශවල රජය සහ පෞද්ගලික ඔසුසල් ද විවෘත කර තිබුණි.