FAST NEWS

24×7 Around the Globe

පාස්කු ප්‍රහාරයට සැක පිට තවත් දෙදෙනෙක් අත්ඩංගුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පසුගිය වසරේ අප්‍රේල් මස 21 වනදා එල්ල වූ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට තවත් පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. 

සිනමන් ග්‍රෑන්ඞ් හෝටලයේ බෝම්බය පුපුරුවාගත් තැනැත්තා එම ස්ථානයට ගෙන ගිය අයෙකු සහ කොච්චිකඬේ දේවස්ථානයේ බෝම්බය පුපුරුවාගත් තැනැත්තාට ආධාර උපකාර කල අයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පැවසීය.