FAST NEWS

24×7 Around the Globe

දෙවන පාසල් වාරය ඇරඹීම කල් යයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පවතින තත්ත්වය මත ලබන 21 වෙනිදා පාසල් ආරම්භ කිරීම අවිනිශ්චිත බව අධ්‍යාපන ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

දෙවන වාරය සදහා පාසල් ඇරඹීම කල් යාමට ඉඩ ඇති නමුත් ඒ ගැන දැන්ම ප්‍රකාශ කළ නොහැකි බවයී අධ්‍යාපන අමාත්‍යවරයා පැවසීය.

නමුත් අගෝස්තු මාසයේදී පැවැත්වීමට සූදානම් කර ඇති ශිෂ්‍යත්ව විභාගය සහ උසස් පෙළ විභාගය කල් නොදමන බව ද ඔහු සදහන් කළේය.

එමෙන්ම පසුගිය සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අප්‍රේල් මස 30 වනවිට නිකුත් කරන බවද ඔහු කියා සිටියේය.

කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඇමතිවරයා මෙම අදහස් පල කරන ලදී.