FAST NEWS

24×7 Around the Globe

ඇඟලුම් සේවකයන්ගේ රැකියා සුරක්ෂිතභාවයට රජයෙන් නිසි පියවර

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – විදේශ සබධතා, නිපුනතා සංවර්ධන, රැකී රක්ෂා හා කම්කරු සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විසින් කොවිඩ් 19 වසංගතයෙන් රටේ ආර්ථීකයට සිදුවන බලපෑම නිසා ඇඟලුම් නිශ්පාදන ආයතන හා එහි සේවකයන්ගේ රැකියා සුරක්ෂිත කර ගැනීම සඳහා රජය නිසි පියවර ගෙන ඇති බව පවසයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ ඇගළුම් නිශ්පාදන සම්මේලනය, හාම්පුතුන්ගේ සම්මේලනය, වෘත්තීය සමිති නියෝජිතයන් සහ කම්කරු අමාත්‍යාංශ නිලධාරීන් සමඟ පසුගියදා කම්කරු අමාත්‍යාංශයේදී පැවති සාකච්ඡාවකදීයි.

ඇගළුම් කර්මාන්තයේ නිරතව සිටින සියලුම සේවක සේවිකාවන් සඳහා මාර්තු මස වැටුප් ගෙවා ඇති බවත් මාර්තු මස 16 දින සිට මුළු නිශ්පාදන ක්‍රියාවලිය කඩා වැටී තිබියදීත් අදාළ සේවක සේවකාවන් සඳහා අප්‍රේල් මස වැටුප සහ උත්සව අත්තිකාරම් ගෙවීමට එහිදී එකඟ වූ බව ද සේවක අර්ථසාධක අරමුදලට අත තැබීමට රජය කිසිසේත් සූඳානම් නොමැති බවත් එම අරමුදලේ සුරක්ෂිතතාවය තහවුරු කිරීමට රජය බැදී සිටින බවත් එහිදී ප්‍රකාශ කළේය.