(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මෙරටින් හදුනාගත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් දෙදෙනෙකු සමඟ මෙරට නව කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව148 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.
අද (02) පෙරවරුවේ 11.30 වසංගත රෝග විද්‍යා අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ අද දිනය තුළ ආසාදිතයින් දෙදෙනෙකු තහවුරු වී ඇති බවයි.
ඒ අනුව මේ වන විට ප්‍රතිකාර ලබමින් සිටින රෝගීන් සංඛ්‍යාව 124 ක් වන අතර , සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගිය සංඛ්‍යාව 21ක් වේ.
එමෙන්ම වෛරසය ආසාදනය වීමෙන් මෙ වන විට තිදෙනෙකු මිය ගොස් තිබේ.








