FAST NEWS

24×7 Around the Globe

අධිකරණ සේවා කොමිෂන් සභාවෙන් දැනුම් දීමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මහාධිකරණ සහ මහේස්ත්‍රාත් අධිකරණවල ඇප අයදුම්පත් විභාග කිරීම අද(02) සහ හෙට(03) දිනවල පමණක් ක්‍රියාත්මක කෙරේ.

අධිකරණ සේවා කොමිෂන් සභාව පැවසුවේ අද දිනයේ දී උසාවි කටයුතු සඳහා නීතිඥවරුන් හා රාජ්‍ය උපදේශකවරුන්ට පමණක් ඒ සඳහා පෙනී සිටින ලෙස ද දැනුම් දී ඇති බවයි.

කෙසේ වෙතත් කොවිඩ් -19 ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් ඇඳිරි නීතිය ක්‍රියාත්මක ඉදිරි දින දෙක තුළ මහාධිකරණයේ නඩු කැඳවීම අවලංගු කිරීම සම්බන්ධයෙන් සලකා බලන්නැයි නීතිපති, අගවිනිසුරුගෙන් ඊ‍යේ(01) ඉල්ලීමක්ද කර ඇත.