FAST NEWS

24×7 Around the Globe

ගතවූ පැය 24 තුළ වැඩිම පිරිසක් අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ගත වූ පැය 24 ක කාලය තුළ එනම් ඊයේ (01) පෙරවරු 6 සිට අද(02) පෙරවරු 6 දක්වා ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 1015ක් අත්අඩංගුවට පත්ව තිබේ.

එම කාලයේ දී වාහන 254 ක් ද අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

ඒ අනුව ඇඳිරි නීතිය ක්‍රියාත්මක කළ මාර්තු 20 වන දින සිට අද දක්වා පුද්ගලයින් 9466 ක් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට පත් සමස්ත වාහන සංඛ්‍යාව 2332 ක් බව ද පොලීසිය පවසයි.