FAST NEWS

24×7 Around the Globe

අත්‍යාවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනය කළ කැබ් රථයක ගැටී දරුවෙක් මරුට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අත්‍යාවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනය කළ කැබ් රථයක ගැටී උඩුදුම්බර පොලිස් වසමේ උඩුදුම්බර කලුගල මාර්ගයේ කිරිගං‍කුඹුර ප්‍රදේශයේ දී වයස අවුරුදු 12 දරුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඊයේ(01) පස්වරු 5 ට පමණ මෙම අනතුර සිදුව ඇත.

කලුගල දෙසට මෙම කැබ් රථය ධාවනය වී ඇති අතර මාර්ගයක ගමන් කළ දරුවා එහි ගැටී තිබේ.

බරපතළ තුවාල ලැබූ දරුවා උඩුදුම්බර රෝහල වෙත ඇතුළත් කිරීමේ දී මිය ගොස් ඇත.

මියගිය දරුවා කිරිගංකුඹුර , උඩුදුම්බර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර සිද්ධිය සම්බන්ධයෙන් කැබ් රථයේ රියදුරු අත්අඩංගුවට පත්ව තිබේ.

මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ උඩුදුම්බර පොලීසිය පවත්වයි.