FAST NEWS

24×7 Around the Globe

කොරෝනා රෝගියකු හමුවීමෙන් පසු මරදාන ප්‍රදේශය ගැන අවධානය

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මරදානෙන් හමුවූ කොරෝනා රෝගියා මියයාමත් සමග එම ප්‍රදේශය පිළිබඳව වැඩි අවධානයක් යොමු කර තිබේ.

ඔහුගේ පවුලේ කිහිප දෙනෙකුට ද රෝග ලක්‍ෂණ මතුවී තිබේ.

ඒ අනුව එම පුද්ගලයා ජීවත් වූ  මරදානේ පිහිටි නිවාස සංකීර්ණයක වාසය කරන පිරිසට සති දෙකක කාලයක් ස්වයං නිරෝධායනයට ලක් කෙරෙනු  ඇත.

මෙසේ කොරෝනා වෛරසය ආසාදනය වී ඊයේ දිනයේ ජාතික උණ රෝහලේදී මරණයට පත් වූයේ මෙම පුද්ගලයා 72 හැවිරිදි පුද්ගලයකි.

මේ අනුව කොළඹ 10, මරදාන ආර්නෝල්ඩ් රත්නායක මාවතේ පුද්ගලයින් 2,000ක් නිවෙස් තුළ නිරෝධායනයට පියවර ගෙන තිබේ.