FAST NEWS

24×7 Around the Globe

වෛද්‍ය උපකරණ තොගයක් චීන රජයෙන් ලංකාවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – චීන රජය විසින් මෙරට කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනයට රුපියල් මිලියන 50කට අධික වෛද්‍ය උපකරණ තොඟයක් පරිත්‍යාග කර තිබේ.

ශ්‍රී ලංකාවේ වැඩබලන චීන තානාපති හූවෙයි විසින් එම උපරණ තොඟය සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි වෙත ප්‍රදානය කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

අන්තර්ජාලය හරහා ව්‍යාපාරික කටයුතු සිදු කරන අලිබාබා ආයතනයේ හිමිකරු සහ ලොව ධනවත්ම පුද්ගලයෙකු වන ජැක්මා විසින් ප්‍රදානය කරනලද රුපියල් මිලියන 25කට අධික වටිනාකමින් යුතු මුඛ ආවරණ තොඟය ද සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත භාරදී තිබේ.