FAST NEWS

24×7 Around the Globe

ලබන 10 වනදාට පෙර සමෘද්ධි අත්තිකාරම් මුදල ලබා දීමට කටයුතු

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නව කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් රජය විසින් සමෘද්ධිලාභීන්ට ලබා දෙනු ලබන රුපියල් 10,000ක අත්තිකාරම් මුදල ලබන 10 වන දිනට පෙර ලබාදී අවසන් කිරිමට අපේක්ෂා කරන බව සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි.

මෙම සහන මුදල සදහා කිසිදු පොලියක් අය කර නොගන්නා අතර එම මුදල නැවත ගෙවීම සදහා මාස 18ක කාලයක් හිමිවන බව සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.