FAST NEWS

24×7 Around the Globe

සමෘද්ධි ලාභීන්ගෙන් සෞඛ්‍ය ඇමතිවරිය විශේෂ ඉල්ලීමක් කරයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඇඳිරි නීතිය තාවකාලිකව ඉවත් කරනු ලැබු ප්‍රදේශවල ජනතාවට සමෘද්ධි බැංකු වෙත යාමෙන් වළකින ලෙස සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඉල්ලීමක් කර තිබේ.

සමෘද්ධි ආධාර මුදල ලබා දීමට සමෘද්ධි නිලධාරීනිය හෝ නිලධාරියා නිවසටම පැමිණ මුදල් බාර දෙන බවද අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කරයි.

ඇය මේ බව පැවසුවේ ඊයේ (31) පැවති කොවිඩ් 19 පැතිරීමේ වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින්.