FAST NEWS

24×7 Around the Globe

ඇඳිරි නීතිය පිලිබඳ නවතම නිවේදනය [UPDATE]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොරෝනා වෛරස ව්‍යාප්තියත් සමඟ ඉහළ අවදානමක් සහිත කලාප ලෙස හඳුනාගෙන ඇති කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දන්වනතුරු දිගටම බලාත්මකව පවතී.

සෙසු සියළු දිස්ත්‍රික්කවල ක්‍රියාත්මක වූ ඇඳිරි නීතිය අද උදේ 6.00ට ලිහිල් කෙරුණු අතර, අද දහවල් 2.00ට යළි පනවනු ලැබේ.

මේ දිස්ත්‍රික්කවල යළි පැනවූ ඇඳිරි නීතිය අප්‍රේල් 06, සඳුදා උදේ 6.00 දක්වා ක්‍රියාත්මක වන අතර එදිනම දහවල් 2.00 සිට ඇඳිරි නීතිය යළි ක්‍රියාත්මක කරයි.

———————————————————————————————————————————

දිස්ත්‍රික් 19 කට පණවා තිබූ ඇඳිරි නීතිය ඉවතට

දිස්ත්‍රික් 19 කට පණවා තිබූ ඇඳිරි නීතිය අද (01) පෙරවරු 6.00 ට ඉවත් කෙරුණි.

එය යළි පස්වරු දෙකට පනවන බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය.

අත්‍යාවශ්‍ය සේවා හැර වෙනත් කාර්යයන් සඳහා දිස්ත්‍රික්ක අතර ගමනාගමනය ඇඳිරි නීතිය ඉවත් කළත් සම්පූර්ණයෙන්ම තහනම් කර තිබේ.

කෙසේවෙතත් කොරෝනා වෛරස ව්‍යාප්තියත් සමඟ ඉහළ අවදානමක් සහිත කලාප ලෙස හඳුනාගෙන ඇති කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවල  ඇඳිරි නීතිය නැවත දන්වනතුරු දිගටම බලාත්මකයි.