FAST NEWS

24×7 Around the Globe

එජාප නායක ඇතුළු පිරිසක් අද ජනපති හමුවෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රට තුළ පවතින වත්මන් තත්ත්වය පිලිබඳ සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ඇතුළු පිරිසක් අද (01) පෙරවරුව 10.00 ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමුවීමට නියමිතයි.

මෙම සාකච්ඡාව සඳහා එක්සත් ජාතික පක්ෂ නායකයාට අමතරව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවී කරුණානායක, දයා ගමගේ, සහ වජිර අබේවර්ධන ඇතුළු පිරිසක් එක්වීමට නියමිතයි.

රට තුළ පැතිර යන කොරෝනා වසංගතයත් සමග උද්ගතව ඇති තත්ත්වය සම්බන්ධයෙන් මෙහිදී අවදානය යොමු කරනු ඇති.