FAST NEWS

24×7 Around the Globe

මෙරට කොරෝනා තත්ත්වය පාලනය කිරීමට නීති දැඩි කරන්නැයි උපදෙස්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දැනට රට තුළ පවතින තත්ත්වය අනුව මේ මොහොතේ ගත හැකි දැඩි ක්‍රියාමාර්ග මගින් මෙම වෛරසය මර්දනය කර ගැනීමට කටයුතු කළ යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය ශ්‍රී ලංකාවට අවවාද කර තිබේ.

මේ නිසා කොවිඩ්-19 වෛරසය මර්දනය කිරීමට විටින් විට ඇඳිරි නීතිය ලිහිල් කිරීම වහාම නැවැත්විය යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කරයි.

ඊට අමතරව වෛරසය මර්දනය කිරීම සඳහා සමාජ දුරස්ථකරණ්‍ය 80%ට වැඩියෙන් පවත්වා ගන්නා ලෙසත් ඔවුන් දැනුම් දෙයි.

ඒ සඳහා සියලු පුරවැසියන් හැකිතාක් දුරට තම නිවස තුළටම වී සිටින ලෙසත් එම සංගමය ජනතාවට දැනුම් දීමක් කරයි.