FAST NEWS

24×7 Around the Globe

තිරිඟු පිටි ප්‍රවාහනය කිරීමට දුම්රිය සේවාවක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – තිරිඟු පිටි ප්‍රවාහනය සඳහා ත්‍රිකුණාමලය සිට කොළඹ දක්වා දුම්රිය සේවාවක් ඊයේ (29) සිට ආරම්භ කළ බව දුම්රිය ගමනා ගමන අධිකාරී ගාමිණි සෙනවිරත්න මහතා පැවසීය. 

සීමාසහිත ප්‍රීමා සමාගමේ ඉල්ලීමක් අනුව මෙසේ ප්‍රීමා පිටි ප්‍රවාහනය කරන බවත් ඊයේ දිනයේ තිරිඟු පිටි තොයක් රැගෙන දුම්රියක් ත්‍රිකුණාමලයේ සිට කොළඹට පැමිණි බවත් සෙනවිරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළේය.