FAST NEWS

24×7 Around the Globe

කොරෝනා අවධානම නිසා කොල්ලුපිටියේ පෞද්ගලික බැංකුවකුත් වැසේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – හැටන් නැෂනල් බැංකුවේ කොල්ලුපිටිය ශාඛාව දින 14ක කාලයකට වසා දමා තිබේ.

එහි කාර්ය මණ්ඩලය නිරෝදායනයට යොමු කර ඇති බව වර්තාවේ.

එහි කාර්යමණ්ඩල සාමාජිකයෙකුගේ පවුලේ අයෙකුට කොරෝනා ආසාදනය වී ඇතැයි හෙලි වීමෙන් පසු මෙම පියවර ගෙන ඇත.

ඒ අනුව එම බැංකුවේ සියලු කටයුතු දින 14 ක කාලයක් නවතා දමා ඇති අතර එම කාලයේදී කාර්යාල පරිශ්‍රය විසබීජහරණය කිරීමක් ද සිදු කරන බවද එම බැංකුව නිවේදනය කරයි.