FAST NEWS

24×7 Around the Globe

ඇඳිරි නීති බලපත්‍ර නැති අයව වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) -ඇඳිරි නීති බලපත්‍ර නොමැතිව මහා මාර්ග හා අතුරු මාර්ග වල ගමන් ගන්නා සියලූම තැනැත්තන් වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගන්නා බව පොලිසිය පවසයි.

තම සේවා හැඳුනුම්පත ඇඳිරි නීති බලපත්‍රයක් වශයෙන් භාවිතා කිරීමට අවසර ලත් තැනැත්තන් හා එම වාහන හැර අනෙක් සියල්ලන්ටම මෙය වලංගු වෙයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා අවධාරණය කළේ ඔවුන්ට එරෙහිව නිරෝධායන රෙගුලාසි යටතේ සහ අපරාධ නීතිය යටතේ නඩු පවරන බවයි.

අධිකරණයෙන් වැරදිකරු වුවහොත් ඔවුන්ට සිර දඬුවමකට සහ දඩයකට ද යටත් වීමට සිදුවන බව වැඩිදුරටත් වාර්තා වෙයි.