දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉමදූව – කොක්මාදූව නාය යාම පිළිසකර කිරීමට රුපියල් කෝටි 50ක් පමණ වැයවෙතැයි අද (2) උදේ එම ස්ථානයට ගිය ආපදා කළමනාකරණ නියෝජ්‍ය ඇමැති දුනේෂ් ගන්කන්ද පැවසීය.
ඔහු සදහන් කළේ නිළධාරීන් විසින් තමන්ට ඒ බව දැනුම් දුන් බවයි.
එ් සදහා වැය වන වියදම මාර්ගය ඉදිකළ සමාගම්වලින් අයකර ගැනීම කෙරෙහි රජයේ සැලකිල්ල යොමුවී ඇතැයි නියෝජ්‍ය ඇමතිවරයා ප්‍රකාශ කෙළේය.
පාරේ එම කොටස යළි විවෘත කරන දිනය ප්‍රකාශ කිරීමට දැන්ම කිව නොහැකි අතර නියෝජ්‍ය ඇමැතිවරයා පාර ඉදිකළ සමාගම් සමග අද සාකච්ඡාවක් පැවැත්වීමට ද නියමිතයි.







