FAST NEWS

24×7 Around the Globe

රාජ්‍ය සේවක වැටුප මත ණය මුදල් අය කිරීම අත්හිටුවයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ප්‍රකාශයට පත්කර ඇති සහන ක්‍රියාවලිය යටතේ රජයේ සේවකයන්ගේ වැටුප මත ණය මුදල් අය කිරීම, නැවත දැනුම්දෙනතුරු අත්හිටුවා තිබේ.

ගැබිනි මව්වරුන් සහ මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් සඳහා ලබාදෙන ත්‍රිපෝෂ සහ වෙනත් පෝෂණ ද්‍රව්‍ය නිවස්වලට සෘජුව සපයනු ඇත.

සියලු විශ්‍රාමිකයින්ට සාමාන්‍ය පරිදි විශ්‍රාම වැටුප් ගෙවන බව ද ජනාධිපති කාර්යාලය සඳහන් කළේ ය.

මේ යටතේ ත්‍රිරෝද රථ, ට්‍රක් රථ, පාසල් බස් සහ වෑන් රථ, මෝටර් රථ ඇතුළු ස්වයං රැකියාලාභීන්ට කල් බදු වාරික සඳහා සහන සැලසෙනු ඇත.

ඊට අමතරව පවතින ආර්ථික අපහසුතා හේතුවෙන් සේවක වැටුප් ගෙවීමට නොහැකි පෞද්ගලික ව්‍යාපාරවලට ද සහන සලසන බව ජනාධිපති කාර්යාලය සඳහන් කළේ ය.

දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් හරහා ජනතාවට අදාළ සහන ලබාදීම සිදු කෙරෙනු ඇත.