FAST NEWS

24×7 Around the Globe

ඇඳිරි නීති බලපත්‍ර නිකුත් කිරීමට තාවකාලික සීමා

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – විනය හා කල්ක්‍රියා දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ විසින් ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාලය තුළ ඊට අදාල බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව සීමා කිරීමට පියවර ගෙන ඇති බව පවසයි.

මෙලෙස තෝරාගත් පාර්ශව කිහිපයක් සඳහා පමණක් ඇඳිරි නීති බලපත්‍ර නිකුත් කිරීමට පියවර ගෙන ඇති බව ඔහු සඳහන් කළේය.

මාධ්‍යයට වෙත විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් විනය හා කල්ක්‍රියා දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා මේ බව සඳහන් කර සිටියේය.