FAST NEWS

24×7 Around the Globe

ජල සම්පාදනය පිලිබඳ සියලු තොරතුරු SMS පණිවිඩයකින්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජල සම්පාදනය පිළිබඳ හදිසි බිඳ වැටීම්, ජල බිල්පතේ තොරතුරු ඇතුළු සියලු තොරතුරු කෙටි පණිවිඩයක් ඔස්සේ ලබා ගැනීමට හැකි බව ‍ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කර තිබේ.

ඒ අනුව ජල බිල්පතේ ගිණුම් අංකය SMS පණිවිඩයක් මඟින් 0719 399 999 අංකයට යොමු කිරීමෙන් එහි ලියාපදිංචි විය හැක.

සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් හඳුන්වා දී ඇති මෙම අවස්ථාවේ දී ජල කරාම විවෘතව නොතබන ලෙසත්, මේ මොහොතේ ජලය අරපිරිමැස්මෙන් භාවිතා කර සැමට පානීය ජලය අඛණ්ඩව ලබා දීමට දායකත්වය ලබා දෙන ලෙසත් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ඉල්ලා සිටියි.