FAST NEWS

24×7 Around the Globe

කළුබෝවිල රෝහලේ වාට්ටුවක් වසා දමයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කළුබෝවිල ශික්ෂණ රෝහලේ අංක 5 වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයකුට කොරෝනා ආසාදිත වී ඇති බව වෛද්‍ය වාර්තාවලින් තහවුරු වීමත් සමග එම වාට්ටුව වසා දැමීමට කටයුතු කළ බව රෝහල් අධ්‍යක්ෂක අසේල ගුණවර්ධන මහතා පැවසීය. 

මෙම රෝගියා මොරටුව ප්‍රදේශයේ පදිංචි අවුරුදු 60 පමණ පුද්ගලයෙකි.

එම වාට්ටුවේ සේවය කල වෛද්‍ය වරු ඇතුලු කාර්යමණ්ඩලය මහරගම ගුරු අභ්‍යාස විද්‍යාලයේ නේවාසිකාගාරයේ දින 14 නිරෝධායනයට ලක් කර එහි සිටි රෝගීන් හෝමගම මූලික රෝහලට යොමු කිරීමට මේ වන විට කටයුතු කරමින් සිටින බව රෝහල් අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් පැවසීය.