FAST NEWS

24×7 Around the Globe

දරුවන්ගේ ආරක්‍ෂාව වෙනුවෙන් විශේෂ ජංගම දුරකථනයක්.

දරුවන්ගේ ආරක්‍ෂාව වෙනුවෙන් විශේෂ ජංගම දුරකථනයක් හඳුන්වා දීමට විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් පිළිබඳ අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

ටෙලිකොම් , මොබිටෙල් , ඩයලොග් සහ අයිසීටී යන ආයතන සම්බන්ධ කර ගනිමින් අධ්‍යාපන අමාත්‍යාංශයේ අවසර ඇතිව මෙම වැඩපිළිවෙළ ක්‍රියාවට නංවන බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු කියාසිටියා.

මෙහි තිබෙන නීතිමය තත්ත්වය පිළිබඳ අධ්‍යාපන අමාත්‍යාංශය හා ඩිජිටල් යටිතල පහසුකම් පිළිබඳ අමාත්‍යාංශය සාකච්ඡා කර තිබෙනවා.

ළමයින් සඳහා හඳුන්වා දෙන ජංගම දුරකථනයෙන් අංක 3ක් ඇමතිය හැකි අතර ළමයා සිටින ස්ථානය හඳුනා ගැනීමටත් හැකියාව තිබෙනවා. අධ්‍යාපන අමාත්‍යාංශයේ අවසරය ලැබුණු වහාම මෙම ජංගම දුරකථනය අඩු මුදලකට ලබා දීමට කටයුතු කර ඇති බවයි කොළඹ දී පැවති මාධ්‍ය සාකච්ඡාවකදී අමාත්‍යවරයා වැඩිදුරටත් කියාසිටියේ.