FAST NEWS

24×7 Around the Globe

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයෙන් ජනතාවට දැනුම් දීමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොරෝන වෛරසය ව්‍යාප්තියත් සමඟ සාප්පු සංකීර්ණවලින් නිවෙස් වෙත රැගෙන එන පොලිතින් උර නිසි අයුරින් බැහැර කළ යුතු බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ, ප්‍රජා වෛද්‍ය විශේෂඥ උත්පලා අමරසිංහ පවසයි.

ඇය පැවසුවේ ඒ්වා විනාශ කිරීමේදී පරිසර විනාශය අවම වන පරිදි සිදු කළ යුතු බවයි.

එමෙන්ම, සුපිරි වෙළදසැල්හි මිලදී ගන්නා ආහාර එළවළු සහ පළතුරු නිසි පරිදි පිරිසිදු කර ගබඩා කර තබන ලෙස ද ඇය ජනතාවගෙන් ඉල්ලා සිටියි.