FAST NEWS

24×7 Around the Globe

මහජන පැමිණිලි සඳහා ජනාධිපති කාර්යාලය පැය 24 ම විවෘතයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජනාධිපති කාර්යාලයේ මහජන සම්බන්ධතා අංශය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි මහජන පැමිණිලි සඳහා පැය 24 ම ක්‍රියාත්මකව පවතී.

ජනාධිපති කාර්යාලයේ නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ මහජන පැමිණිලි දුරකථන මාර්ගයෙන් ලබා ගැනේ.

ඒ අනුව රජය දෙන නියෝග ක්‍රියාත්මක නොවීම හෝ මහජනතාව අපහසුතාවට පත්වන ආකාරයේ ක්‍රියාකාරකම් පිළිබඳව හෝ පැමිණිලි දුරකථන අංක011-4354550 / 0114354655   ඔස්සේ ඉදිරිපත් කළ හැකිය.

එම දුරකථන අංක ඔස්සේ සම්බන්ධවිය නොහැකි වුවහොත් ජනාධිපති කාර්යාලයේ ඝෘජු දුරකථන අංක, 0112354354 අමතා – දිගු අංක 3872/ 3873/ 3874/ 3875 ඔස්සේ සම්බන්ධ විය හැක.

කොරෝනා වෛරසය පැතිරයාම ආශ්‍රිත තොරතුරු දැනුම්දීම් සඳහා දුරකථන අංක0112860003 / 0112860004 විවෘතව තැබේ.

0112354354 අමතා දිගු අංක 3355 ඔස්සේ ද  තොරතුරු ඉදිරිපත් කළ හැක.