FAST NEWS

24×7 Around the Globe

රුපියලේ අගය තවදුරටත් පහළට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකා මහ බැංකුව පවසන ආකාරයට අද(30) ශ්‍රී ලංකා රුපියලට සාපේක්ෂව අමෙරිකානු ඩොලරයේ අගය රුපියල් 192.50 ලෙස ඉහළ ගිය ගොස් තිබේ.

මේ වන විට ගෝලීය අධිවසංගත තත්ත්වයක් බවට පත්ව ඇති කොරෝනා වෛරස් ව්‍යාප්තිය ශ්‍රී ලංකා රුපියල ද ක්‍රමයෙන් පීඩනයට ලක්කරමින් සිටියි.

අද (30) දින විනිමය මත බලපා ඇති පීඩනය තවදුරටත් තීව්‍ර කරමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත සටහටනට අනුව, එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 187.40ක් හා විකුණුම් මිල රු. 192.50ක් ලෙසින් සටහන් විය.