FAST NEWS

24×7 Around the Globe

මෙරට එක් ලක්ෂ 40,000ක් කොරෝනා වලට ගොදුරු වීමේ අවධානමක්

(ෆාස්ට් නිව්ස්|කොළඹ) – මෙරට වතු සේවකයින් 140,000 පමණ පිරිසක් කොරෝනා වෛරසය ආසාදනය වීමේ දැඩි අවධානමකට මුහුණ දෙමින් සිටියි.

ඔවුන් එකට වැඩ කිරීමේ වාතාවරණය තුළ මෙම අවධානම මතුව ඇත.

ලංකා වතු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් නාත් අමරසිංහ මහතා විසින් පෙන්වා දෙන්නේ ඒ නිසා වතු ආශ‍්‍රිත කටයුතු තාවකාලිකව වහාම නතර කළ යුතු බවයි.

මේ සම්බන්ධයෙන් වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ වෙත ලිඛිතව ඉල්ලීමක් කර තිබේ.

වතු සේවය අඛණ්ඩව පවත්වාගෙන ගිය හොත් ඉදිරියේදී  ඉතා භයානක ප්‍රතිඵලයක් ගෙන දෙනු ඇති බව ද ඔහු ලිපිය මගින් පෙන්වා දී ඇත.