FAST NEWS

24×7 Around the Globe

කොටස් වෙළෙදපොළ අදත් වැසෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොළඹ කොටස් වෙළෙඳපොළ අද(30) දිනයේ ද දෛනික ගනුදෙනු සඳහා විවෘත නොකිරීමට තීරණය කර තිබේ.

දැනට පනවා ඇති ඇඳිරි නීතිය තවදුරටත් දීර්ඝ කරලීමට රජය විසින් ගෙන ඇති තීරණය හමුවේ මෙම පියවර ගැනීමට කොටස් වෙළෙඳපොළ බලධාරීන් තීරණය කර ඇත.

හෙට (31) දිනයේ දී කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ක්‍රියාත්මක වනවාද නැද්ද යන පිළිබඳව අද සවස් කාලයේ දී දැනුම් දීමට නියමිතය.