FAST NEWS

24×7 Around the Globe

උපාධිධාරීන් කාර්යාල වෙත අද වාර්තා කළ යුතු නොවේ [LETTER]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රජය රැකියා විරහිත උපාධිධාරී අභ්‍යාසලාභීන්ට පවතින ඇදිරී නිති තත්වය හමුවේ අද (30) දිනයේදී සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාල වලට වාර්තා කළ යුතු නැතැයි දැනුම් දී තිබේ.

රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය ඒ පිළිබද කටයුතු සිදුකෙරෙන ආකාරය ඉදිරියේදී දැනුම් දෙන බවයි සදහන් කරයි.

මේ වනවිට රැකියා විරහිත උපාධිධාරී අභ්‍යාසලාභීන් කොරෝනා වෛරස මර්දන රාජකාරීවලට සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාල වලට අනුයුක්ත කිරීමට තීරණය කර තිබේ.

රජය විසින් මින් පෙර දැනට ප්‍රාදේශිය ලේකම් කාර්යාලවලට සේවය සදහා වාර්තා කර ඇති උපාධිධාරී අභ්‍යාසලාභීන්ගේ පුහුණු කටයුතු ඇරඹීම පවත්නා තත්වය සැලකිල්ලට ගෙන මැයි මාසය දක්වා ප්‍රමාද කිරීමට තීරණය කළේය.

නමුත් සෞඛ්‍ය අමාත්‍යාංශයයේ ඉල්ලිම පරිදි කොරෝනා වෛරස රෝග තත්ව පාලනයේදී අදාල පිරිස්වල සහය සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාල වෙත ලබාදීමට හැකිවනු පිණිස රැකියා විරහිත උපාධිධාරී අභ්‍යාසලාභීන් ඒ සදහා අනුයුක්ත කිරීමට පියවර ගෙන ඇත.