FAST NEWS

24×7 Around the Globe

සෞඛ්‍ය අමාත්‍යාංශයට රුපියල් මිලියන 50 ක් වටිනා ගිලන් රථ දෙකක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොරෝනා වෛරසය මැඩපැවැත්වීම අරමුණින් රුපියල් මිලියන 50 කට අධික වටිනාකමින් යුත් සියලු පහසුකම් සහිත නවීනතම දැඩි සත්කාර ගිලන්‍ රථ දෙකක් අද දින (29) සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත බාර දීම සිදු කර තිබේ.

ඒ ශ්‍රී ලංකා වෙළෙඳ සංවර්ධන සභාව වෙනුවෙන් එහි විධායක සභික රෝයල් නර්සිං හෝම් ආයතනයේ සභාපති මංජුල හේවාවසම් මහතා විසින්.

තවද රුපියල් මිලියන 02 කට වඩා වැඩි වටිනාකමින් යුත් නවීනතම රෝහල් ඇදන් 25 ක් ද මේ සමගම සෞඛ්‍ය අමාත්‍යතුමීය වෙත බාර දී ඇත.