FAST NEWS

24×7 Around the Globe

කොරෝනා අවදානම පහව යනතුරු පොලිස් භාරයට ගත් වාහන ලබා නොදෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඇදිරී නිතිය උල්ලංඝණය කිරිමේ චෝදනාවට අදාලව පොලිස් භාරයට ගැනෙන කිසිදු මෝටර් රථයක් කොරෝනා වෛරස අවදානම පහව යනතුරු යළි ඒවායේ හිමිකරුවන්ට භාර නොදෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.