FAST NEWS

24×7 Around the Globe

හොරොව්පොතාන නගරය හෙට වසා දැමේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පවතින අවදානම් තත්වය පිළිබඳ සලකා බලා ඇඳිරි නීතිය ඉවත් කළ ද හෙට (30) දින හොරොව්පොතාන නගරය වසා දැමීමට කොරෝනා කාර්යසාධක බලකාය අද තීරණය කළ බව ප්‍රාදේශීය ලේකම් ආර්.සෙන්තිල් මහතා සඳහන් කළේය. 

මූල්‍ය ආයතන වලට සහ ඖෂධ හල්වලට මෙම තීරණය වලංගු නොවන බවත් ඔහු ප්‍රකාශ කළේය.

නමුත් ගම්මාන වලට පැමිණෙන ජංගම අලෙවි රථ වලින් අනෙකුත් අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට ජනතාවට හැකියාව ඇති බව ද ඔහු අවධාරණය කළේය.

ජංගම අලෙවි රථවලට අවශ්‍ය විශේෂ අවසර පත්‍රයක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් නිකුත් කර ඇති බවත් ඒ හැර වෙනත් කිසිදු පුද්ගලයෙකුට භාණ්ඩ අලෙවි කිරීමට අවසර ලබාදී නොමැති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.