FAST NEWS

24×7 Around the Globe

කන්ටැක්ට් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ 17, 457 ක් ලියාපදිංචි වෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් ලියාපදිංචි කිරීමේ කන්ටැක්ට් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ 17, 457 දෙනෙකු ලියාපදිංචි වී ඇත.

ඊයේ පස්වරුව වන විට මැද පෙරදිග කලාපයෙන් 6773 ක් , යුරෝපයෙන් 1892 ක් , දකුණු ආසියාවෙන් 1302 ක් , උතුරු අමෙරිකාවෙන් 1028 ක් මෙන්ම ලොව පුරා අනික් රටවලින් 6000 ක් පමණ ලියාපදිංචි වි සිටි බව විදේශ සබඳතා අමාත්‍යංශය සඳහන් කරයි.

පවතින තත්වය හමුවේ යළි මව්බිමට පැමිණීමට ඇති හැකියාව සොයා බැලීමට විමසීම් 700 ක් පමණ ලැබී තිබෙන නමුත් රජය විදෙස්ගත ලාංකිකයන්ට දන්වා සිටින්නේ දැනට සිටින ස්ථානවලම ආරක්ෂාකාරීව සිටින ලෙසයි.

එමෙන්ම වීසා ගැටලු , වැටුප් නොගෙවීම් වැනි කරුණූ සම්බන්ධයෙන්ද කන්ටැක්ට් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ විමසීම් ලැබී ඇති බව විදේශ සබඳතා අමාත්‍යංශය කියා සිටියි.