FAST NEWS

24×7 Around the Globe

තවත් කොරෝනා ආසාදිතයෙකු සුවය ලබා රෝහලෙන් පිටව යයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොරෝනා වෛරසය ආසාදනය වී අංගොඩ අයි.ඞී.එච්. රෝහලේ ප්‍රතිකාර ලැබූ තවත් පුද්ගලයෙකු සුවය ලබා අද පස්වරුවේ රෝහලෙන් පිටව ගොස් තිබේ.

රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු මෙලෙස පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇති බවයි.

ඒ අනුව දැනට කොරෝනා ආසාදිතයන් 11 දෙනෙකු සුවය ලබා ඇත.