රිය අනතුරකින් කිසියම් පුද්ගලයෙකු මියගිය හොත් එම පුද්ගලයාගේ වකුගඩු ඇතුළු ශරීරයේ අනෙකුත් කොටස් සෞඛ්‍ය අමාත්‍යංශයට සිය කැමැත්තෙන් ලබාදෙන බවට වූ වගන්තියක් රියැදුරු බලපත‍්‍රය නිකුත් කිරීමේදී ඇතුළත් කිරීම කෙරෙහි සෞඛ්‍ය අමාත්‍යංශයේ අවධානය යොමුව තිබෙනවා.
අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ විදේශීය රටවල මෙම වැඩපිළිවෙළ සිදුකර අවයව බද්ධ කිරීමේ සැත්කම් සාර්ථකව සිදු කරන බවයි.
මෙම වැඩපිළිවෙළ කි‍්‍රයාත්මක කළ හැකි ක‍්‍රමවේදය පිළිබඳ වාර්තාවක් කඩිනමින් තමන් වෙත ලබාදෙන්නැයි සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.







