FAST NEWS

24×7 Around the Globe

ඔබේසේකරපුර අරුණෝදය මාවත වසා දැමේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රි ජයවර්ධනපුර කෝට්ටේ ඔබේසේකරපුර අරුණෝදය මාවත වසාදැමූ බව ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගරසභා ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි මනෝජ් රොද්‍රිගෝ මහතා පවසයි.

ඒ පූජකවරයකු සමග වන්දනාගමනකට සහභාගි වු ළමුන් දෙදෙනෙකුට සහ වැඩිහිටියන් හතරදෙනෙකුට කොරෝනා යයි සැක රෝග ලක්ෂණ පහල වු නිසා

එක්තරා පූජකවරයකුගේ සංවිධායකත්වයෙන් ඉකුත් 15 වැනිදා සුරියවැව ප්‍රදේශයේ පැවති දේව මෙහෙයකට සහභාගි වීම සඳහා බස් රථ දෙකකින් පිරිස රැගෙන ගොස්තිබේ.

එම ගමනට මෙම රෝග ලක්ෂණ ඇති පිරිස සහභාගී වී ඇති බව ඔහු පැවසීය.

ගමන සංවිධානය කළ පූජකවරයා පල්ලියද වසා දමා ඇති අතර ඔහු ආගිය අතක් නොමැත.

ඔහුගේ ජංගම දුරකථනයද ක්‍රියා විරහිත බව ඒ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගරසභා ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි මනෝජ් රොද්‍රිගෝ මහතා පැවසීය.

විදේශගතව සිට පැමිණි පුද්ගලයන් සිටින පවුල් අටක්ද එම කලාපයේ නිරෝධානය වෙමින් සිටින බව සඳහන් කළ ඒ මහතා සියලු කරුණු සළකා බලා ඔබේසේකරපුර අරුණෝදය මාවත මුද්‍රා තැබීමට කටයුතු කල බව පැවසීය.