FAST NEWS

24×7 Around the Globe

මෙරටදීම දැඩි සත්කාර ඒකක ඇදන් නිෂ්පාදන වැඩසටහනක්

(ෆාස්ට් නිව්ස් |මීගමුව ) – රජය විසින් දිවයිනේ ජාතික රෝහල්වල දැඩි සත්කාර ඒකක සදහා අවශ්‍ය ඇදන් මෙරට තුලදීම නිෂ්පාදනය කිරිමේ වැඩ සටහනක් ආරම්භ කර තිබේ.

කොරෝනා වෛරස ව්‍යාප්තියට සාර්ථකව මුහුණ දීම සඳහා මෙරට සෞඛ්‍ය පද්ධතිය සතුව තිබෙන දැඩි සත්කාර ඒකක ඇඳන් ප්‍රමාණය වැඩි කර ගැනීමේ අභියෝගය ජයගැනීම පිණිස මෙම ක්‍රියාවලිය දේශිය වශයෙන් ආරම්භ කර ඇත.

මීගමුව පුද්ගලික සමාගමක් විසින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ.

රජය පවසන ආකාරයට මෙහි මූලික අධීක්ෂණ කටයුතු රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පීඨාධිපති මහාචාර්ය සිසිර සිරිබද්ධන සිදු කරයි.