FAST NEWS

24×7 Around the Globe

ඇඳිරි නීතිය ඉවත් කෙරෙන ආකාරය[RELEASE ]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – බස්නාහිර පළාත සහ යාපනය දිස්ත්‍රික්කය හැර සෙසු දිස්ත්‍රික්කවලට දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය හෙට(30) තාවකාලිකව ඉවත් කිරීමට නියමිත බව පොලීසිය පවසයි.

ඒ අනුව හෙට පෙරවරු 6.00 සිට පස්වරු 2.00 දක්වා කාලය තුළ අදාළ දිස්ත්‍රික්කවලට තාවකාලිකව ඇදිරි නීතිය ඉවත් කිරීමට නියමිතය.

බස්නාහිර පළාත සහ යාපනය දිස්ත්‍රික්කයට පැනවූ ඇඳිරි නීතිය නැවත දැනුම්දෙන තුරු ක්‍රියාත්මක කෙරේ.

එම දිස්ත්‍රික්ක කොරෝනා වෛරස අධි අවදානම් ලෙස හඳුනා ගෙන තිබීම හේතුවෙන් ඇඳිරි නීතිය ලිහිල් නොකිරීමට රජය තීරණය කර ඇත.