FAST NEWS

24×7 Around the Globe

කොරෝනා රෝගීන් ගණන ඉහළට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු හඳුනා ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරටින් වාර්තාවන කොරෝනා ආසාදිතයින් ගණන 115ක් දක්වා ඉහළ ගොස්  තිබේ.

මේ අතර කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ පළමු මරණය ඊයේ(28) පස්වරුවේ වාර්තා වුණි.

මාරවිල ප්‍රෙද්ශයේ පදිංචි 60 හැවිරිදි පුද්ගලයෙකු අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යාතනයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ පස්වරුවේ මියගොස් තිබේ.

මිය ගිය පුද්ගලයා වකුගඩු බද්ධ කිරීමකට ලක්ව සිටි අතර ඔහු දියවැඩියාව සහ අධික රුධිර පීඩනයෙන් ද පෙළුණු පුද්ගලයෙකු බවෙ සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේය.